Friday, October 4, 2013

පළමු ලිපිය: අප්පච්චි

අපේ ගෙදර මිදුල ටිකක් විශාල සුදු වැලි පිරුණ මිදුලක්.
රෑට හුඟක් හොඳට අහසේ තරු බලන්න පුළුවන්.
මම පුංචි කාලේ අපි හැමෝම රෑට මිදුලට වෙලා ඉඳගෙන ඉන්නවා,
අහසේ තරු බලන්න.
අප්පච්චි ගිටාරය වයනවා.
අප්පච්චි බොහෝ වෙලාවට වයන්නේ ගීත නෙමේ.
එයාටම ආවෙණික වාදන. අප්පච්චි කෝඩ් අමුණලා,
අලුත් අලුත් සංගීත ඛන්ඩ වයනවා
අප්පච්චිට හොඳ ඉවක් තිබුනා,
එකකට එකක් ගැලපෙන කෝඩ් වාදනය කරන්න.
ඒ වාදන අහගෙන ඉන්නකොට මට දැනෙනවා,
අද අප්පච්චි සතුටෙන්ද දුකෙන්ද ඉන්නෙ කියලා.
අප්පච්චි ගිටාරය වයද්දි තියෙන්නෙ හොඳ සංයමයක්.
ඔහුට වරදින්නෙ නැති තරම්
අප්පච්චිට තිබුනෙ බොහොම පැහැදිලි, ගැඹුරු පදං වුන හඬක්.
සමහර වෙලාවට ඔහු වාදනය කරණ  වාදනයට අනුකූලව මුමුනනවා.
ඒ කාලේ අයෙත් මතක් වෙනවා. කාලය ගොඩක් දේවල් වෙනස් කරනවා
දැන් අප්පච්චි ඉස්සර වගේ නෑ.
අපිත් ඉස්සර වගේ නෑ
ඔහු වයසයි.අපි තරුණයි. ඔහු හරි සුන්දර මනුස්සයෙක්.
මටත් ආසයි දවසක ඒ සුන්දර මනුස්සයා වගේ වෙන්න.

1 comment:

  1. මේ අප්පච්චි ගැන මම අහලා තියනවා මීට කලින්, ඒ ඔයාගෙන්ම තමයි. මමත් ආසයි මේ අප්පච්චිට.එත් ඔයාගෙ අප්පච්චි තමයි ඔයාට ඔය කාටත් වඩා ආදරේ.ඔයාට ලැබිලා තියෙන්නෙ සර්ව සම්පූර්ණ අප්පච්චි කෙනෙක්. පුලුවන්නම් එයා ගැන ලියන්න, ඒක මීටත් වඩා ගොඩක් දැනේවි..ඔයා අප්පච්චි කෙනෙක් උන දවසට.

    ReplyDelete